Sunday 28th of April 2024

English Tamil
Advertiesment


කුහකකමට සක්වල තහනම් කළොත් රටේ පාසල් පද්ධතිය අඩපණ වෙයි 


2024-03-20 1666

 

හිර ගෙවල් වැඩි වෙයි 

 

කිනම් අභියෝගය ආවත් පාසල් දූ දරුවන් වෙනුවෙන් ඇපකැප වනවා

 

රටෙන් භාගයක් දුප්පත් වෙලා  

 

සජබ රජයක් යටතේ කාන්තා සනීපාරක්ෂක පහසුකම් නොමිලයේ 

 

සුහුරු අධ්‍යාපනය ශක්තිමත් කරන සක්වල සුහුරු පන්ති කාමර සහ සක්වල බස් රථ වැඩ සටහන ඊර්ශයාව සහ කුහකකම නිසා නතර කිරීමට උත්සාහ දරන පිරිසක් සිටින බවත් සක්වල වැඩ සටහන තහනම් කරනවා යනු රටේ පාසල් පද්ධතිය අඩපණ කිරීමක් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

පාසල් දියුණු වන විට හිර ගෙවල් වැහෙනවා කියන නිසා මෙරට නිදහස් අධ්‍යාපනය මත පාසල් සියල්ලගේම ඉගෙනුම ලබන 41 ලක්ෂයක් දූදරුවන් මේ ඔස්සේ ශක්තිමත් වන නිසා මෙවැනි වැඩ සටහන් අඩපණ නොකළ යුතු බවත් ය⁣ම් හෙයකින් මෙම වැඩ සටහන් තහනම් කිරීමට අරමුණක් ඇත්නම් ඒ හේතුවෙන් පාසල අඩපණ වී හිර ගෙවල් වැඩි පුර නිර්මාණය වනු ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා අනතුරු ඇඟවීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ත්‍රීකුණාමලය කින්නියා ජාතික පාසලට සක්වල බස්රථ වැඩ සටහනේ 84 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

කිසිදු පාර්ශ්වයකට හිර ගෙවල් නිර්මාණය කිරීමට අවශ්‍ය නැති බවත් මේ වැඩ සටහන් මගින් සුහුරු සිසුවෙකු හරහා සුහුරු රටක් ගොඩ නැගෙන බැවින් මොන අභියෝග ආවත් මේ වැඩ සටහන නතර නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහතික විය.

මේ වන විට රටේ දුප්පත්කම වැඩි වී ඇති බවත් මේ මොහොත වන විට රටෙන් හරි අඩක් දුප්පතුන් වී ඇති බවත් මේ දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රධාන වැඩ පිළිවෙළක් ලෙස සුහුරු අධ්‍යාපනය හැදින්විය හැකි බැවින් අධ්‍යාපනය ශක්තිමත් කර දැනුම සවිබල ගන්වා ඒ ඔස්සේ හොඳ අධ්‍යාපනයක් රැකියාවක් සහ ආදායම් මාර්ග උත්පාදනය කර දුගී දුප්පත්කම තුරන් කළ හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

එසේම කාන්තාවන් සහ දැරියන් ඇතුළු ස්ත්‍රීන්ට ලබා දිය යුතු සනීපාරක්ෂක සෞඛ්‍ය පහසුකම් නොමිලයේ ලබා දෙන බවත් එමගින් වකුගඩු ආසාධනය සහ ගැබ් ගෙල පිළිකා තුරන් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 57කට ලක්ෂ 1766ක් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබා දී ඇති අතර සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84කට රු. ලක්ෂ 4092ක් සහ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන යටතේ පාසල් 119කට රුපියල් ලක්ෂ 50 වටිනා බස්රථ ලබා දී ඇති අතර එ සදහා රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දී ඇති අතර ඒ සදහා ලක්ෂ 1191ක පරිත්‍යාග සිදු කර තිබේ.

Advertiesment